ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එහි ආරම්භය

එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක ශ්‍රීමතානන් විසින් වර්ෂ 1951 සැප්තැම්බර් 02 දා කොළඔ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් ආරම්බ විය. එදින පැවති පක්ෂ මංගල සැසි වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි එච් ශ්‍රී නිෂ්ශංක මහතා අභිනවයෙන් ආරම්භ කළ සංවිධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස නම් තැබීය.


එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක ශ්‍රීමතානන්ට සහය පල කිරීම සදහා හතලිස් හතර (44) දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එදින නගර ශාලාව වෙත පැමිණ සිටියහ. ඔවුන් විවිධ ජන වර්ග වලට අයත් සාමාජිකයන් වීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විය.

එම පැමිණි පිරිස මෙසේය.

  1. බර්නාඩ් එම් අලූවිහාරේ මහතා
  2. බද්දුදීන් මහමුද් මහතා
  3. සී.ආර් ඛෙලිගම්මන මහතා
  4. හප්පියාර් ඒ.ටී කරීම් මහතා
  5. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ජ් ආර් ද සිල්වා මහතා
  6. සී.පී ද සිල්වා මහතා
  7. ඇන්තනි ෙජ්.එම් ද සිල්වා මහතා
  8. පී ද එස් කුලරත්න මහතා
  9. ස්ටැන්ලි ද සොයිසා මහතා
  10. පී.බී දිසානායක මහතා
  11. පී දොලපිහිල්ල මහතා
  12. සී.එම් ප්‍රනාන්දු මහතා
  13. ඩී.එච් පණ්ඩිත ගුණවර්ධන මහතා
  14. ටී.බී.එස් ගොඩමුන්නෙ මහතා
  15. ආර්.එස්.එස් ගුණවර්ධන මහතා
  16. වර්නන් ගුණසේකර මහතා
  17. පාර්ලිමේන්තු මන්ත්‍රී සී.එස් ගුණසේකර මහතා
  18. දයා හේවාවිතාරණ මහතා
  19. පාර්ලිමේන්තු මන්ත්‍රීනී තමරා කේ ඉලංගරත්න මිය
  20. ෙජ්.පී.එම් ජයසේන මහතා
  21. පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.වී ජයසූරිය මහතා
  22. එෆ්.ආර් ජයසූරිය මහතා
  23. එත්.බී කොලූගල මහතා
  24. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර කුරුප්පු මහතා
  25. ඒ.එම් මාකන් මාකර් මහතා
  26. සී.ඒ.එස් මරික්කාර් මහතා
  27. සී.ඒ.සී මරික්කාර් මහතා
  28. ෙජ්.සී.ඩබ් මුණසිංහ මහතා
  29. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය නීතීඥ එච් ශ්‍රී නිෂ්ශංක මහතා
  30. ඒ.සී නඩරාජා මහතා
  31. ඇල්බට් පෙරේරා මහතා
  32. ඩබ්.එෆ්.බී පෙරේරා මහතා
  33. වෝල්ටර් පෙරේරා මහතා
  34. ඩැරල් පීරිස් මහතා
  35. සෙනට් සභික බාන්ස් රත්වත්තේ මහතා
  36. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඒ රාජපක්ෂ මහතා
  37. ඒ.බී.ඩබ් රඔුක්වැල්ල මහතා
  38. සී.වී රණවක මහතා
  39. ඩබ්.ඒ.ඩී රාමනායක මහතා
  40. සී.ඒ සමරසිංහ මහතා
  41. එම් ස්වාමිනාදන් මහතා
  42. කේ සෙනෙවිරත්න මහතා
  43. ඇස් තංගරාජා මහතා
  44. ටී.බී තෙන්නකෝන් මහතා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක මහෝත්සවය ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක මහෝත්සවයට සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංචමහා බලවේග ද එක්ව සිටීම තුල පක්ෂය සාර්ථක ගමනක ආරම්භයක් සනිටුහන් කෙරිනි. මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් වූයේ භික්ෂූන් වහන්සේලාට අමතරව භික්ෂුණීන් (මෙහෙණින් වහන්සේලා) සිව් දෙසින් වැඩමකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පල කිරීමයි. මෙහෙණින් වහන්සේලාගේ ආගමනය මීට ප්‍රථම ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක වාර්ථා වී නොතිබිනි.


දහදාහට අධික ජනතාවක් පැමිණ සිටීම හේතුවෙන් උත්සව භූමියේ පිටත ද මහා මාර්ගයේද අතුරු සිදුරු නැතිවී තිබිනි. එදින සවස 02 ට රුස්වීම ආරම්භ කෙරුනු අතර බලංලොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර කුරුප්පු මහතා තාවකාලික ලේකම් ලෙස කටයුතු කලේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේ යෝජනාව ගම්පොළ සහිරා විද්‍යාලයේ විද්‍යාලාධිපති අල්හාර් බද්උදීන් මහමුද් මහතා විසින් ස්ථීර කෙරෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සභාපති ලෙස සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරණායක මහතා සභාපති ලෙස පත්විය. සම ලේකම් වරුන් ලෙස බර්නාඩ් අලූවිහාරේ, බද්උදීන් මහමුද් සහ එස් තංගරාජා තේරී පත්විය. භාණඩාගාරික ලෙස පාර්ලිමේන්කු මන්ත්‍රී ජෝර්ජ් ආර් ද සිල්වා මහතා පත්විය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක - බ්‍රිතාන්‍ය ජාතික රූපවාහිනී බීබීසී සම්මුඛ සාකච්ඡාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ පසුබිම් කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක ශ්‍රීමතානන් පක්ෂය ආරම්භ කිරීමට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රන සභා යුගයේදී සිංහල මහා සභාව නමින් ඔහු විසින් නායනත්වය දුන් සංවිධානයක් බිහිකර තිබිනි. එම කාලවකවානුවේදී එම සංවිධානය සැලකිය යුතු මට්ටමේ දේශපාලන බලවේගයක් බවට පත් වී තිබිනි.
එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක මහතා පුරෝගාමී වූ සිංහල මහා සභාව ආරම්භ වී තිබුනේ වර්ෂ 1934 මැයි මස 19 වන දා කොළඔ පිටකොටුව බෞද්ධ මණ්දිරයේදී ය. එම සංවිධානය ආරම්භ කිරීමට හේතු කාරණා කවරේදැයි එහි නිර්මාතෘ මෙසේ පැහැදිලි කර තිබිනි.

රටේ මහ ජාතිය වූ සිංහලයන් ආර්ථීක සහ සාමාජීක සහ සංස්කෘතික වශයෙන් මහත් ආගාදයක වැටී තිබුනා. ඒ විතරක් නොවේ අසමගිය, ප්‍රාර්ථනා භංගත්වය නිසා තව තවත් ඔවුන් අසරනව සිටියා. මේ කාරණා මුල් කරගෙන ජාතික සමගිය සහ ප්‍රගතිය ඇති කළ නොහැකි බව වැටහුනා.

එම කාරණා මුල්කරගෙන ශ්‍රී ලංකා දේශපාලන ගමන් මග වෙනස් කල යුතුව තිබුනා. ඒ අනුව ජාතික නිදහස් සටන සදහා ලොකු කුඩා බාල මහලූ සෑම තරාතිරමකම බලවේග එකරාශී කිරීමේ අරමුණින් සිංහල මහා සභාව ආරම්බ කලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමට හේතු කාරණා වූයේ සිංහල මහා සභාව ශ්‍රී ලංකා දේශපාලන ප්‍රවාහයට එකතු කරලීම නිසාවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම මැතිවරණය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා මාස හතක් පමණ ගත වෙද්දී මහ මැතිවරණයකට මුහුන දෙන්නට සිදු වීම දෛවෝපගත සිද්ධියක් හා සමාන විය. එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ඩී.එස් සේනානායක මහතා ගාලූ මුවදොර පිටියේදී අශ්වයෙකු පිටින් යද්දී ඉන් ඇද වැටී අභාවයට පත්වීම නිසා හදිසි මැතිවරණයක් පැවැත්වීම ඊට හේතු කාරණා වී තිබිණි.


අගමැතිවරයාගේ හදිසි අභාවයෙන් පසු අගමැති ධූරයට පත් වූ ඔහුගේ පුතු ඩඩ්ලි සේනානායක මහතා විසින් 1952 අප්‍රේල් 08 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීයේය. කිසිසේත් බලාපොරොත්තු නොවු මේ අනපේක්ෂිත සිදුවීම නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බලවත් වික්ෂිප්තභාවයකට පත්ව තිබිනි. මෙහිදී සිය පාක්ෂිකයන් ඇමතූ පක්ෂ නායක එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක ශ්‍රීමතානන් තම පක්ෂය නොබියව මහ මැතිවරණයට මුහුන දෙන බවත් අපේක්ෂකයන් 48 දෙනෙකු මහ මැතිවරණයට ඉදිරිපත් කරන බවත් ඉන් නොනැවතී ජයග්‍රහනය සදහා පක්ෂය මෙහෙය වන බවට ප්‍රකාශ කිරීම තුළ පාක්ෂිකයන් තුල ප්‍රබෝධයක් ඇති විනි.


1952 මැයි 24,26,28 සහ 30 යන දින හතර තුල පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 09 ක් ජයග්‍රහනය කර තිබිනි. ලැබු මුලූ ඡන්ද සංඛ්‍යාව තුන් ලක්ෂ හැට එක්දහස් දෙසිය පනහකි. එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක මහතා වැඩි ඡන්ද 32.544 න් අත්තනගල්ල ආසනය දිනා විපක්ෂනායක පදවියට පත්විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රථම මැතිවරණ ජයග්‍රහනය

1956 වර්ෂයේ පැවති මහ මැතිවරණය ශ්‍රී ලංකා දේශපාලන වංශකතාවේ නව පරිච්ඡේදයක ආරම්භයක්, සහ සංදිස්ථානයක් විය. සඟ වෙද ගුරු ගොවි කම්කරු යනුවෙන් ඉදිරියට පැමිණි ජනතා බලවේගය පංච මහා බලවේගයක් ලෙස කරලියට පැමිණියේය. බණ්ඩාරනායක මහතා සහ ප්‍රතිවාදී අපේක්ෂක කොතලාවල මහතා අතර පැවති තීරණාත්මක දේශපාලන සටනේදී පංච මහා බල වේගය ප්‍රතිවාදි අපේක්ෂකයා දේශපාලනිකව අසරන කිරීමට ඛෙහෙවින් බලපෑවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ලෙස අත්තනගල්ල ආසනයට තරග වැදුනු එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක මහතා වැඩි ඡන්ද 41,997 න් අත්තනගල්ල ආසනය ජයගත්තේය. එවකට එය මැතිවරණ ඉතිහාසයේ රන් අකුරින් ලියැවුනු වාර්ථාවකි. ප්‍රතිවාදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ලබා ගත හැකි වූයේ ඡන්ද 3019 කි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 60 න් 51 ම ජයග්‍රහනය කරලීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාව තිබිනි. එය කැපී පෙනෙන අවස්ථාවක් බව දේශපාලන විචාරකයින් පවසා තිබිනි. ජයග්‍රහනයෙන් පසු එම උදා වූ තත්වය මෙසේ වාර්ථා වී තිබිනි.


මැතිවරන ජයග්‍රහනය සිංහලයාගේ උරුමයන් තහවුරු කිරීම සහ සකල මානව වර්ගයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලබා ගත් විජයග්‍රහනයක් බවයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරලීම, රාජ්‍ය ව්‍යවසායයෙහි ප්‍රමුඛතාවය පිලි ගැනීම, පෞද්ගලික බස් ව්‍යාපාරය ජන සතු කර ලංකා ගමනා ගමන මණ්ඩලය පිහිටුවීම, කුඔුරු පනත සම්මත කිරීම, කොළඔ වරාය ජන සතු කිරීම, සේවක අර්ථසාධක අරමුදල ඇතිකිරීම, ජාත්‍යන්තර කම්කරු දිනය වු මැයි 01 දා රජ=යේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම, කම්කරුවන් අසීරුතාවයට පත් කළ අන පනත් සංශෝධනය කර ලීම, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්ති හදුන්වා දීම හා ඒවා අනුගමනය කර ලීම. සුලූ ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ද්‍රවිඩ භාෂා විශේෂ විධි විධාන පනත් මගින් ආරක්ෂා කර ලීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දීම. 1956 මැතිවරණ ජයග්‍රහනයෙන් ජනතාව වෙත ලබා දුන් ඔවුන් දිනා ගත් ජයග්‍රහන වලින් ඉතා සුලූ ප්‍රමාණයක් වශයෙන් දක්වා ඇත. ජනතාව විසින් ජනතා ඡන්දයෙන් නිවැරදිව තෝරා පත් කරගත් ජනනායක එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරණායක ශ්‍රීමතානන් හට ඔහුගේ දීර්ඝ දැක්මක් සහිත දේශපාලන ගමන නවතාලමින් වර්ෂ 1959 සැප්තැම්බර් 25 දා කොළඔ රොස්මීඩ් පෙදෙසේ සිය නිවස තුළ භික්ෂුවක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.


සිරිමාවෝ මැතිනිය අගමැතිධූරයේ දිව්රුම් දීම.

ලොව ප්‍රථම කාන්තා අගමැතිවරිය ලෙස වාර්තාවක් තබමින් වර්ෂ 1960 ජූලි 21 දින ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස සිරිමාවෝ ආර්.ඩී බණ්ඩාරණායක මැතිනිය පත් විය. එදින ප.ව 1.40 ට යෙදී තිබූ සුභ මොහොතින් ආරණ්ඩුකාරතුමා ඉදිරියේදී දිවුරුම් දීම සිදු කෙරිණි. නව අග්‍රාමාත්‍යවරියගේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 11 ට සීමා වූ අතර ඔවුන් 1960 ජූලි 23 දින දිවුරුම් දී තිබුණි. එම කාලයේ සිදුවූ බලවත්ම විරෝධය වූයේ සිරිමාවෝ මැතිනියගේ රජය පෙරලිමට උත්සාහ කල හමුදා කුමන්ත්‍රණයි. එය 1962 ජනවාරි 27 දා ප්‍රහාර එල්ල කිරීමට තීරණය වී තිබූ නමුත් එය අසාර්ථක මෙහෙයුමක් වූ අතර සිරිමාවෝ මැතිනියගේ රජයට එල්ලවු භයානක ප්‍රවනතාවක් ලෙස එය දේශපාලන ඉතිහාසයට එක් වී ඇත.


1965 පැවති මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා සිරිමාවෝ මැතිනිය අපේක්ෂකයන් 99 දෙනෙකු ඉදිරිපත් කළාය. එහිදී ලැබුණු ප්‍රතිඑල අනුව අපේක්ෂකයන් 41 දෙනෙකු ජයග්‍රහනය කර තිබිනි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශිර්වාදය ලැබූ ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය ආසන 10 ත්, කොමියුනිස්ට් පක්ෂය ආසන 04 ත් ජයග්‍රහනය කර තිබිනි. එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකිවී තිබුනේ ආසන 151 න් 66 ක් පමණි. ඔවුන් ශ්‍රී ලංකා පෙඩරල් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය (සී.පී කල්ලිය), මහජන එක්සත් පෙරමුණ, ජාතික විමුක්ති පෙරමුණ එකතුකරගත් හවුල් රජයක් පිහිටුවා ගත්හ. මෙහිදී වැඩි ඡන්ද 16,535 ලබා ජයග්‍රහනය කරමින් සිරිමාවෝ මැතිනිය විපක්ෂ නායක තනතුරට පත්විය.


1970 පැවති මහ මැකිමරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් සදහා නාම යෝජනා පත්‍ර සෑදීම සිරිමාවෝ මැතිනියගේ ප්‍රධානත්වයෙන් හොරගොල්ල නිවසේදී සිදුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන 106 ද, ලංකා සමසමාජ පක්ෂය ආසන 23 ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය ආසන 09 ද, සමගි පෙරමුණ වෙනුවෙන් නාම යෝජනා ඉදිරිපත් කර තිබුනි. මැයි 27 දා පැවති මැතිවරණ ප්‍රතිඑල එදින මධ්‍යම රාත්‍රීයේ සිට ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කෙරිනි. එම ප්‍රතිඑල අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 90 ද, ලංකා සමසමාජ පක්ෂය ආසන 19 ද, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය 06 ද දිනා ගනී. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතනීි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය 1970 මැයි 29 දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධූරයට දෙවනි වරටත් තේරී පත්වූවාය. එම රජයේ දිව්රුම් දුන් අමාත්‍යවරු 21 න් 17 ක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරු වූහ.


මෙම පිටුවේ තොරතුරු තවදුරටත් යාවත්කාල වෙමින් පවතින බව කරුනාවෙන් සලකන්න.