දේශීය නිෂ්පාදකයින් විසින් ප්‍රමිතීන්වලට අනුකූලව නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන සබන් සහ ඇඟ ගල්වන සබන් සහනදායී මිල ගණන් යටතේ සතොස හා සමූපකාරය මඟින් බෙදා හැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.

දේශීය නිෂ්පාදකයින් විසින් ප්‍රමිතීන්වලට අනුකූලව නිෂ්පාදනය කරන ලද රෙදි සෝදන සබන් සහ ඇඟ ගල්වන සබන් සහනදායී මිල ගණන් යටතේ සතොස හා සමූපකාරය මඟින් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව (06/10) දින ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගී වූ අවස්ථාව.විශේෂයෙන්ම දැනට වෙළෙඳපොලේ භාවිතා වන සබන්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු රාශියක් මතු වී ඇත. ඒ අනුව පාරිභෝගිකයින් හට රෙදි සෝදන සබන් සහ ඇඟ ගල්වන සබන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි නොවන ලෙස නිෂ්පාදන රාශියක් වෙළෙඳපොලට නිකුත් වී ඇති බැවින් ඒ සමබන්ධව ඉදිරියේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් පල කර පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *