Archive

All posts by category
ජනාධිපතිතුමා පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරය නැරඹිමට එක් වෙයි

ජනාධිපතිතුමා පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරය නැරඹිමට එක් වෙයි

පාකිස්ථානයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය නිල රාජකාරී කටයුතුවලින් අනතුරුව පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි තක්ෂිලා කෞතුකාගාරය නැරඹීමටද (07) පෙරවරුවේ එක් විය.

මෙම කෞතුකාගාරය පාකිස්ථානයේ ප්‍රධානතම කෞතුකාගාර අතරින් එකක් ලෙස සැළකෙයි.

ක්‍රිස්තුපූර්ව 3 වන සියවසට අයත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමටද ජනාධිපතිතුමා එක් විය.
එමෙන්ම 1963 වසරේදී ශ්‍රි ලංකා රජය විසින් පාකිස්ථානය වෙත ප්‍රදානය කරන ලද අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගේ ශාඛාවක්ද මෙම කෞතුකාගාර පරිශ්‍රයේ රෝපණය කර ඇති අතර ජනාධිපතිතුමා ඒ අභියසද ආගමික වතාවත්වල නිරත විය.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Only registered users can comment.