Archive

All posts by category
රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිිරිස ජනපති හමුවෙයි…

රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ නියෝජිත පිිරිස ජනපති හමුවෙයි…

දිවයිනට පැමිණ සිටින රුසියාවේ රොසැටම් රාජ්‍ය සංස්ථාවේ (Russian State Corporation ROSATOM) නියෝජිත පිිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

එම සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Nikolay Spasskiy මහතා ඇතුථ නියෝජිතයින් පස් දෙනෙකුගෙන් මෙම කණ්ඩායම සමන්විත විය.

ශ්‍රී ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සහ බලශක්ති, කර්මාන්ත හා කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර ගණනාවක් තුළ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම පිරිස දිවයිනට පැමිණ තිබේ.

විදුලිබල, උසස් අධ්‍යාපන සහ තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ ඒකාබද්ධ කරගනිමින් ඒ සදහා දිගුකාලීන හා කෙටි කාලීන වැඩසටහන් සකස් කිරීම පිළිබ`දව ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රීක සබදතාවය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රුසියාව ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන මිත්‍රශීලි සහය ද ඇගයීමට ලක් කළේය.

විශේෂයෙන් පසුගියදා තේ අපනයනයේදී මතු වු ගැටලූව ඉතා කඩිනමින් නිරාකරණය කරදෙමින් ශ්‍රී ලංකාවත්, ජනතාවත් වෙනුවෙන් දැක්වූ හෘදයාංගම සහයෝගය පිළිබද රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් මහතා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

இலங்கை வந்திருக்கும் (Russian State Corporation ROSATOM)பிரதிநிதிகள் இன்று (17) முற்பகல் ஜனாதிபதியின் உத்தியோகபூர்வ இல்லத்தில் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களை சந்தித்தனர்.

ரொசடம் நிறுவனத்தின் பிரதிப் பணிப்பாளர் நாயகம்Nikolay Spasskiy உள்ளிட்ட ஐந்து பிரதிநிதிகள் இச்சந்திப்பில் கலந்துகொண்டனர். இலங்கையின் விஞ்ஞான, தொழில்நுட்ப மற்றும் ஆய்வுத் துறையின் முன்னேற்றத்திற்கு புலமைப்பரிசில்களை வழங்குதல் மற்றும் மின்சக்தி, கைத்தொழில், விவசாயம் போன்ற பல துறைகளில் இருநாடுகளுக்கிடையில் கூட்டுறவை மேம்படுத்தும் நோக்குடன் இவர்கள் இலங்கை வந்துள்ளனர்.

மின்சக்தி, உயர்கல்வி மற்றும் தொழில்நுட்ப ஆய்வு அமைச்சுகளுடன் இணைந்து இதற்காக நீண்டகால, குறுங்கால நிகழ்ச்சித்திட்டங்களை தயாரிப்பது குறித்தும் இதன்போது கலந்துரையாடப்பட்டது.

இலங்கைக்கும் ரஷ்யாவுக்கும் இடையில் நீண்ட காலமாக இருந்துவரும் உறவுகளை நினைவுகூர்ந்த ஜனாதிபதி,ரஷ்யா இலங்கைக்கு தொடர்ச்சியாக வழங்கிவரும் உதவிகளை பாராட்டினார்.

குறிப்பாக அண்மையில் தேயிலை ஏற்றுமதி தொடர்பில் எழுந்த பிரச்சினையை உடனடியாக தீர்த்து இலங்கை நாட்டிற்கும் மக்களுக்கும் வழங்கிய இதய பூர்வமான ஒத்துழைப்பு குறித்து ரஷ்ய ஜனாதிபதி விலாடிமிர் புட்டின் அவர்களுக்கு ஜனாதிபதி அவர்கள் தனது விசேட நன்றியைத் தெரிவித்தார்.

அமைச்சர் சுசில் பிரேமஜயந்த, இலங்கைக்கான ரஷ்ய தூதுவர் யூரி மெடரி ஆகியோரும் இதன்போது பிரசன்னமாகியிருந்தனர்.

The delegates of the Russian State Atomic Energy Corporation (ROSATOM) called on President Maithripala Sirisena at the Official Residence of the President, today (17).

A five member delegation including its Deputy Chief Executive Officer of ROSATOM for International Relations Nikolay Spasskiy, participated in this meeting.

The delegation arrived in the country with the aim of granting scholarships to uplift science, technology and research streams in Sri Lanka as well as to strengthen cooperation between the two countries in power and energy, industrial and agriculture sectors.

Further discussions were made on implementing long and short term projects in cooperation with the Ministry of Power and Renewable Energy and Ministry of Higher Education and Highways.

President Sirisena pointed out the long term diplomatic relations between the two countries and appreciated the friendly support always given by Russia.

The President expressed his heartfelt gratitude to Russia on successfully negotiating to remove the Russian tea import ban by clarifying the issue. He asked the delegation to convey his special thanks to President Vladimir Putin in this regard.

Minister Susil Premajayantha and Mr Yury Materiy, Ambassador of the Russian Federation to Sri Lanka and Maldives were also present on this occas