ජා-ඇල, වත්තල, මීගමුව, කටාන, කටුනායක, රාගම, සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අවස්ථාව.

ජා-ඇල, වත්තල, මීගමුව, කටාන, කටුනායක, රාගම, සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන් සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීමේ අවස්ථාව.කොරෝනා වසංගතය ආරම්භක දින සිට මේ දක්වා දිවා රෑ නොබලා ජනතාව එම වසංගතයෙන් මුදා ගැනීම වෙනුවෙන් පාර්ශව ගණනාවක් කටයුතු කරන අතර ග්‍රාමීය වශයෙන් මෙම වසංගතය තුරන් කිරීමේ වැඩපිළිවෙලට ඝෘජු දායකත්වයක් ලබා දෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු කාර්යමණ්ඩලවලට අපගේ ගෞරවය පිරිනැමිය යුතුය.ඒ අනුව මෙවර මහර කඩවත වෙසක් කලාපය නොපැවත්වූ බැවින් එම අරමුදලින් දායකත්වය ලබාගෙන සමූපකාර ව්‍යාපාරයේද සහයෝගය ඇතුව ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුලු එම කාර්යමණ්ඩලයේ සියලුම දෙනාගේම සේවය ඇගයීම සංකේතවත් කිරීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකින් සමන්විත කට්ටල් 1500 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය අංශ කාර්යමණ්ඩල වෙත ලබා දීමේ වැඩපිළිවෙල ලසන්ත අලගියවන්න පදනම මඟින් සංවිධානය කර ඇත. ඒ අනුව (05.31) දින උදෑසන ජා-ඇල, වත්තල, මීගමුව, කටාන, කටුනායක, රාගම, සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට එම කට්ටල බෙදා දීම සඳහා සහභාගී වූ අවස්ථාව.සහභාගී වූ සෑම අවස්ථාවකදීම ඔවුනගේ සේවය මා ඇගයීමකට ලක් කල අතර ඉදිරියේදීත් ජනතාව මුදවා ගැනීමේ කටයුත්ත සඳහා සියලු ආශිර්වාදයන් ලැබේවායි පැතුවෙමි.මෙම අවස්ථාව සඳහා ජා-ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක නාමල් සුරංග මැතිතුමා ඇතුලු ජා-ඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුවරප්පෙරුම මැතිතුමා, වත්තල ආසනයේ ප්‍රධාන සංවිධායක ජානක සූරිය බණ්ඩාර මැතිතුමා, වත්තල ආසන කළමනාකරු රනිල් තරංග මැතිතුමා, මීගමුව ආසන කළමනාකරු ජූඩ් මැතිතුමා, මීගමුව නියොජ්‍ය නගරාධිපති පාරිශ් මැතිතුමා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කටාන ආසනයේ ප්‍රධාන සංවිධායක ලලිත් වනිගරත්න මැතිතුමා, කටාන විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමා ඇතුලු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *