Archive

All posts by category
මාතලේ දිස්ත්‍රික් පළමු ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්…

මාතලේ දිස්ත්‍රික් පළමු ජන හමුව ජනපති ප්‍රධානත්වයෙන්…

දඹුල්ල ගම්උදා ක්‍රීඩාංගණයේ ජන හමුව අද පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය රජය සිදුකළායැයි පවසන සංවර්ධනයේ කළු – සුදු බව ඉදිරියේදී තවදුරටත් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද දූෂිත දේශපාලනය වෙනස් කර රට හැදීමේ අභියෝගය ජය ගන්නා බව අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන ජනහමු මාලාවේ මාතලේ දිස්ත්‍රික් පළමු ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි.

මෙහිදී ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා, හිටපු අමත්‍ය නන්දිමිත්‍ර ඒකනායක, වීරකුමාර දිසානායක, බන්දුල යාලේගම, දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක යූ.ඩී. දයා නන්දසිරි යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් මෙම ජනහමුවට එක්ව සිටියහ.

மாவட்ட மட்டத்தில் நடைபெறும் மக்கள் சந்திப்புத் தொடரில் மாத்தளை மாவட்டத்தின் முதலாவது மக்கள் சந்திப்பு தம்புள்ளை கம்உதாவ விளையாட்டரங்கில் இன்று (13) பிற்பகல் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் நடைபெற்றது.

கடந்த அரசாங்கத்தில் நடைபெற்றதாக கூறப்படும் அபிவிருத்தியின் உண்மைத்தன்மை குறித்து நாட்டு மக்களுக்கு விரைவில் தெரியவரும் என்று குறிப்பிட்ட ஜனாதிபதி அவர்கள், எத்தகைய சவால்கள் வந்தபோதும் ஊழல் அரசியலுக்கு முடிவுகட்டி நாட்டை கட்டியெழுப்பும் சவாலை வெற்றிகொள்வதாக் தெரிவித்தார்.

அமைச்சர்களான சுசில் பிரேமஜயந்த, தயாசிறி ஜயசேக்கர, பிரதி அமைச்சர் லக்ஷ்மன் வசந்த பெரேரா, முன்னாள் அமைச்சர் நந்தமித்த ஏக்கநாயக்க, ஆகியோர் இந்நிகழ்வில் கலந்துகொண்டனர்.

 

26230499_10155812368131327_4423578938050465186_n 26730811_10155812370186327_8045012763561636226_n 26731695_10155812370406327_2692233078822859687_n 26733653_10155812368486327_1295640145427461589_n 26734248_10155812368631327_6790643415151728646_n 26734248_10155812368631327_6790643415151728646_n (1) 26805370_10155812368121327_4557099672062954963_n 26814704_10155812369681327_797394891709437385_n