Archive

All posts by category
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කරන ලදී.

වකුගඩු රෝග ව්‍යාප්තිය අවම කිරීම වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කෙරුණු ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති විවෘත කිරීම ඊයේ (10) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, මහබුලන්කුලම තිබ්බටුවාව ශ්‍රී විජය විහාරස්ථානයේදී දී සිදුකෙරිණි.

තිබ්බටුවාව ශ්‍රී විජය විහාරය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිත් සජ්ජායනා මධ්‍යයේ එම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය විවෘත කළ අතර අනතුරුව තලාව, පහළතලාව, ගල්නෑව, තිරප්පනේ යන ප්‍රදේශවල ස්ථාපිත කර තිබූ ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති දහයක් ද දුරස්ථ පාලන තාක්ෂණය උපයෝගි කරගනිමින් විවෘත කරනු ලැබීය.

වකුගඩු රෝගය පිළිබද ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය විසින් මෙහිදී සංවිධානය කර තිබුණි.

අමාත්‍ය මහින්ද අමරවීර, උතුරුමැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක , හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

சிறுநீரக நோய் பரம்பலை கட்டுப்படுத்தும் நோக்கில் அநுராதபுரம் மாவட்டத்தின் சில பகுதிகளில் ஸ்தாபிக்கப்பட்டுள்ள நீர் சுத்திகரிப்பு தொகுதிகளை திறந்து வைக்கும் நிகழ்வு நேற்று (10) பிற்பகல் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் அநுராதபுரம் மகாவுலன்குலம திப்பட்டுவாவ ஸ்ரீ விஜய விகாரையில் இடம்பெற்றது.

திப்பட்டுவாவ ஸ்ரீ விஜய விகாரைக்கு வருகை தந்த ஜனாதிபதி அவர்கள் சமய அனுஷ்டானங்களில் ஈடுபட்டதன் பின்னர் பிரித் பாராயணம் செய்யப்படுகையில் விகாரையில் ஸ்தாபிக்கப்பட்டுள்ள நீர்த்தொகுதியை திறந்து வைத்ததன் பின்னர் தலாவ, பஹலதலாவ, கல்நேவ, திறப்பனே ஆகிய பிரதேசங்களில் ஸ்தாபிக்கப்பட்டுள்ள 10 நீர் சுத்திகரிப்பு தொகுதிகளை தொலைதூர கட்டுப்பாட்டு தொழில்நுட்பத்தினூடாக திறந்து வைத்தார்.

சிறுநீரக நோய் தொடர்பாக மக்களை தெளிவூட்டும் செயற்திட்டம் சிறுநீரக நோய் நிவாரண ஜனாதிபதி செயலணியினால் ஏற்பாடு செய்யப்பட்டிருந்தது.

அமைச்சர் மஹிந்த அமரவீர, வடமத்திய மாகாண ஆளுநர் பீ.பி.திசாநாயக்க, முன்னாள் அமைச்சர் திஸ்ஸ கரலியத்த, சிறுநீரக நோய் நிவாரண ஜனாதிபதி செயலணியின் பணிப்பாளர் அசேல இத்தவெல உள்ளிட்ட குழுவினர் இந்த நிகழ்வில் கலந்துகொண்டனர்.

A ceremony was held under the patronage of President Maithripala Sirisena at the Mahabulankulama Thibbotuwawa Sri Vijaya Viharaya, yesterday (10) to open Water Treatment Plants installed at several places of the Anuradhapura district, with the aim of minimizing the spread of chronic kidney disease in the district.

The President who arrived at the Thibbotuwawa Sri Vijaya Viharaya opened the Water Treatment Plant installed at the temple amid the chanting of Seth Pirith and later Water Treatment Plants installed in Thalawa, Pahala Talawa, Galnewa and Tirippane areas using the remote control technology.

During this event, a programme was organized to apprise the public regarding the kidney disease by the Presidential Task Force on Prevention of Chronic Kidney Disease.

Minister Mahinda Amaraweera, Governor of the North Central Province P.B.Dissanayake, former Minister Tissa Karaliyadda, the Director of the Presidential Task Force on Prevention of Chronic Kidney Disease Asela Iddawela participated on this occasion.