කාලීන අවශ්‍යතාවයක් අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබාගෙන පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.

කලක සිට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් අද දින පොළොන්නරුව මහ රෝහලට කිසිදු රජයේ මුදලකින් තොරව මෙම PCR යන්ත්‍රය පරිත්‍යාග කිරීමට හැකි විය.
මහවැලි ගං නිම්නයේ මනංපිටිය ප්‍රදේශයෙන් වැලි කැණීම් කර රැගෙන යන ටිපර් රථ හිමියන්ගෙන් බදු එක්රැස් කරමින් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් නිර්මාණය කරන ලද ඒකාබද්ධ පොළොන්නරු සංවර්ධන අරමුදල ප්‍රදේශයේ බොහෝ සංවර්ධන වැඩ සඳහා මුදල් ලබාගත් අරමුදලකි.
කාලීන අවශ්‍යතාවයක් අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබාගෙන පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.
පොළොන්නරු ඒකාබද්ධ සංවර්ධන අරමුදල සඳහා ආධාර උපකාර කළ සියලු දෙනාටම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ස්තුතිය පුද කරන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *