Archive

All posts by category
දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ශ්‍රීරමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම.

දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ශ්‍රීරමතාණන්ගේ 119 වැනි ජන්ම දින සැමරුම.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක ශ්‍රීරමතාණන්ගේ 119 වැනි ජන්ම දින සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද (08) පෙරවරුවේ ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

එහිදී බණ්ඩාරනායක පිළිරුව වෙත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍යය දුමින්ද දිසානායක මහතා විසින් පුෂ්පෝපහාර දැක්වීය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක යන මහත්වරුන් විසින් පිළිරුවට මල්දම් පැළඳවූහ.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු ,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු රැසක් එක්ව සිටියහ.

26239030_917962118359916_8238538047373711897_n (1) 26239901_917962335026561_5720790386414494349_n (1) 26731516_917961985026596_7281493235789608161_n (1) 26169036_917962418359886_3600466459602817268_n (1) 26169522_917961841693277_1540492670352702170_n (1) 26239879_917961771693284_2970706280722368188_n 26196068_917962225026572_3296244325889881361_n (1)