Archive

All posts by category
ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් සේවය කරන ජාතික ආයතනවලට හිමිවිය යුතු නිසි ගෞරවය සහ රාජ්‍ය පිළිගැනීම ලබා දෙනවා – ජනපති

ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් සේවය කරන ජාතික ආයතනවලට හිමිවිය යුතු නිසි ගෞරවය සහ රාජ්‍ය පිළිගැනීම ලබා දෙනවා – ජනපති

ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් සේවය කරන ජාතික ආයතනවල සේවාවන් වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමට  අවස්ථාව සළසා දෙමින් එම ආයතනවලට හිමිවිය යුතු නිසි ගෞරවය සහ රාජ්‍ය පිළිගැනීම ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා පැවසීය.

ගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කොළොන්නාව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිරිය වනිතා පදනම විසින් සංවිධානය කළ මහ සමුළුවට අද (22) පෙරවරුවේ කොළොන්නාව ජාතික ළමා අධ්‍යාපන පදනමේ දී එක් වෙමිනි.

දරුවන් පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට සේම ඔවුන් යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමට  සියලූදෙනාට විශාල වගකීමක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා අනාගත දරු පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීමේදී සුවිශේෂිම කාර්ය භාර්ය පැවරී ඇත්තේ මව්වරුන්ට බවද කියා සිටියේය.

රටේ දරුවන්ගේ සහ මව්වරුන්ගේ සුබ සාධනය වෙනුවෙන් රජයෙන් ඉටු විය යුතු සෑම යුතුකමක්ම ඉටු කිරීමට රජය බැඳී සිටින බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය බඳගිරියේ සෝමවංශ ස්වාමින් වහන්සේද, දිරිය වනිතා කමිටුවේ සභාපතිනි දිස්නා පි‍්‍රයාන්ති මහත්මිය ඇතුලූ සාමාජිකාවන් මීට එක්ව සිටියාය.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Your data will be safe!Your e-mail address will not be published. Also other data will not be shared with third person.