Archive

All posts by category
පරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ යුතුයි – ජනපති

පරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ යුතුයි – ජනපති

පරිවර්තන යුගයේ අපේක්ෂාවලට ඉඩ දෙමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළයුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

තරණයින් ස්වාධීනව පක්ෂ සංවිධාන ව්‍යුහය පිළිබද කථා කළ යුතුය. විවේචන කළ යුතුයි. නමුත් එම විවේචන ඉතා සාධාරණ අවංක විවේචන විය යුතු බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (22) පෙරවරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ විශේෂ වැඩමුළුවට එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ සියලූදෙනා පක්ෂයේ ප‍්‍රතිපත්ති සමග අවංකව වැඩ කරනවානම් පක්ෂයෙත්, සාමාජිකත්වයේත් අනාගතය සුබ වන බවයි.

ඉදිරි මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ රජයක් බිහි කිරීමටනම් ගම් මට්ටමින් සියලූදෙනා  සංවිධානය කළ යුතු බව පැවැසූ ජනාධිපතිතුමා ඒ සඳහා සියලූදෙනාගේ අදහස් හා විවේචන ඉතා වැදගත් බවද ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Only registered users can comment.