Archive

All posts by category
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුථව ජනපති ප්‍රදානත්වයෙන් ….

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුථව ජනපති ප්‍රදානත්වයෙන් ….

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී දිවයින පුරා පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් නියෝජිත සමුථවල සමාරම්ය කුරුණෑගලින් සනිටුහන් කරමින් කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත සමුථව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවැත්විණි.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජයරත්න හේරත්, සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක, එස්.බී. නාවින්න, අනුර ප්‍රියදර්ශන යාපා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, නිල්වලා විජේසිංහ, සාරානාත් බස්නායක, නෙරංජින් වික්‍රමසිංහ යන සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද, ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද පළාත් සභා, ප්‍රාදේශිය සහා, නගර සභා මැති ඇමතිවරුන්ද මීට එක්ව සිටියහ.

No Comments so far

Jump into a conversation

No Comments Yet!

You can be the one to start a conversation.

Your data will be safe!Your e-mail address will not be published. Also other data will not be shared with third person.