Archive

All posts by category
රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක් …

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක් …

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් ජනපතිගෙන් රුපියල් ලක්ෂ 10 ක් …

කිලෝ මීටර් 20 ක දුරකට යැවිය හැකි යැයි අනුමාන කරන රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට සමගාමී ව පැවති ප්‍රදර්ශනයේ දී මෙම රොකට්ටුව ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර, එහිදී සිසුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා එම රොකට්ටුව වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බවත්, රොකට්ටුව ගුවන්ගත කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවත් සදහන් කළේ ය.

ඒ අනුව එහි ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් පළමු අදියර ලෙස මෙම රුපියල් ලක්ෂ 10ක මුදල ලබා දීම සිදු කෙරිණි.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික නිලධාරීන් ද මෙම අවස්ථාවට කැදවා තිබුණු අතර රොකට්ටුව ගුවන් ගත කිරීම සදහා ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා ඔවුන්ට උපදෙස් දුන්නේ ය.

Gihan Hettiarachchi who is a student from Bandaranaike Vidyalaya, receives a gift of 1 million Rupees from the President for creating a rocket in Sri Lanka.

President Maithripala Sirisena’s assistance to Gihan Hettiarachchi for creating a rocket that is speculated to fly a 20 kilometers range, was in light of him exploring his creativity for future inventions. Gihan received his token of appreciation at the Presidential Secretariat, today (22).

The President was introduced to Gihan’s creation at the exhibition which was exhibited at the 100th anniversary of the Bandaranaike Vidyalaya in Gampaha. The President appreciated the skills of the student and is hopes to provide the necessities for the launch of the rocket.

Technical officers of the Sri Lanka Air Force were also present in this occasion.