Archive

All posts by category
44 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය…

44 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය…

පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

ජාතික මහා ක්‍රිඩා උළෙල පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09ම නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 1543 දෙනෙකු හා නිලධාරින් 443 දෙනෙකු ඊට එක් විය.

දක්ෂම ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙත ජය සංකේත ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කළ ක්‍රිඩා නිලධාරින් අගයමින් රන් සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

අමාත්‍ය ෆයිසර් මුස්තාපා, රාජ්‍ය ඇමතිණි ශ්‍රීයානි විජේවික්‍රම යන මහත්ම මහත්මීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ක්‍රිඩා අමාත්‍යවරුන් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

பொலன்னறுவை மாவட்டத்தை மையப்படுத்தி இடம்பெற்ற 44வது தேசிய விளையாட்டு விழாவின் இறுதி நாள் நிகழ்வுகள் ஜனாதிபதி கௌரவ மைத்ரிபால சிறிசேன அவர்களின் தலைமையில் (14) பிற்பகல் பொலன்னறுவை மாவட்ட விளையாட்டரங்கில் இடம்பெற்றது.

கடந்த 11ஆம் திகதி ஆரம்பிக்கப்பட்ட இந்த தேசிய விளையாட்டு விழாவில் 09 மாகாணங்களையும் பிரதிநிதித்துவப்படுத்தி 1543 விளையாட்டு வீரர்கள் மற்றும் வீராங்கனைகளும் 443 அதிகாரிகளும் பங்குபற்றினர்.

மிகச் சிறப்பாக திறமைகளை வெளிக்காட்டி வெற்றிபெற்ற வீரர்களுக்கான பதக்கங்கள் ஜனாதிபதி அவர்களினால் வழங்கிவைக்கப்பட்டன.

25 வருட சேவையை நிறைவுசெய்த விளையாட்டுத்துறை அதிகாரிகளை பாராட்டி ஜனாதிபதி அவர்களினால் தங்க விருதுகள் வழங்கிவைக்கப்பட்டன.

அமைச்சர் பைசர் முஸ்தபா, இராஜாங்க அமைச்சர் ஸ்ரீயானி விஜேவிக்ரம, மாகாண ஆளுநர்கள், முதலமைச்சர்கள், மாகாண விளையாட்டுத்துறை அமைச்சர்கள் ஆகியோர் இந்நிகழ்வில் பங்குபற்றினர்.

The 44th National Sports Festival was held at the Polonnaruwa District Grounds this morning (14) under the patronage of President Maithripala Sirisena.

The National Sports Festival commenced on the 11th, including 1543 players that is represented by 09 provinces, supervised by 443 officials. The President presented awards to the best players.

The President also presented the Gold award to the talented sports officers who completed 25 years of service.

Ministers Faizer Mustapha, State Minister Sriyani Wijewickrama, Provincial Governors, Chief Ministers, Provincial Ministers of Sports and the sports players were present on the occasion.