“ ඔබට ගෙයක් – රටට හෙටක් ” ආධාර නිවාස වැඩසටහන යටතේ ලක්ෂ 6 ක නිවාස ආධාරය ලබා දීමට කටයුතු කරමින් සුභ මොහොතින් එම ව්‍යාපෘතියට මුල් ගල තැබීමේ කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාව.

අත්තනගල්ල ආසනයේ ඕපැත්ඇල්ල ග්‍රාමයෙහි පසුගිය දින පැවති ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ අධික සුළං තත්ත්වය හේතුවෙන් ගසක් කඩා වැටී දැඩි අලාභ හානි සිදු වූ නිවස (2021.05.14) දින ගරු ලසන්ත අලගියවන්න ඇමතිතුමන් විසින් නිරීක්ෂණය කළ අතර, ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මැතිතුමා අමතා මේ පිළිබඳව පවසා නව නිවසක් සෑදීම සඳහා ඉල්ලීමක් කිරීමේන් පසු, අතිගරු ජනාධිපතිතුමාගේ “ ඔබට ගෙයක් – රටට හෙටක් ” ආධාර නිවාස වැඩසටහන යටතේ ලක්ෂ 6 ක නිවාස ආධාරය ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ අනුව අද දින (2021.07.01) සුභ මොහොතින් එම ව්‍යාපෘතියට මුල් ගල තැබීමේ කටයුතු සඳහා සහභාගී වූ අවස්ථාව.
මෙම රජයේ ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා ලසන්ත අලගියවන්න පදනම මඟින් ද යමිකිසි සහයෝගයක් ලබා දී මෙම නව නිවස ඉදි කිරීමෙන් අනතුරුව අවතැන්වූ පිරිසගේ අයිතියට ලබා දීමට මා විසින් කටයුතු කරන බවත් දැන්විය.
මෙම නිවසේ ආබාධිත පුද්ලයෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුලත්ව පස් දෙනෙකුගෙන් යුත් පවුලක් ජීවත් වනු ඇත.
මෙම අවස්ථාව සඳහා චානක මහතා, මනෝජ් මහතා, හර්ෂණ මහතා, නුවන් මහතා, හර්ෂ මහතා, නිරෝෂන් මහතා, ප්‍රියන්ත මහතා, මාහර්ෂ මහතා, සරත් මහතා සහ නිපුණ මහතා ඇතුලු තරුණ කැල සහ ප්‍රදේශවාසීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *