550 MW ට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් පිලිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව ඉදිරිපත් කර තිබු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා අදාල සමාගම් කැදවා ඒ සදහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබාදීම

ගෙවුණු වසර 10 තුලදී රජයන් කීපයක් මුළුල්ලේ නොයෙකුත් ගැටුලු හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිව තිබු 550 MW ට අධික පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් පිලිබඳ සොයාබැලීමට පත්කළ කමිටුව විසින් ඉදිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. එහිදී එම කමිටුව විසින් ඉදිරිපත් කර තිබු නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. මේ අනුව ඊයේ දිනයේ එම ව්‍යාපෘතීන් (Solar, Mini Hydro, Biomass) කඩිනමින් අවසන් කිරීම සදහා අදාල සමාගම් කැදවා ඒ සදහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබාදීම ගරු දුමින්ද දිසානායක මැතිතුමා විසින් සිදුකරන ලදී. මේ අනුව ඉතාමත් ඉක්මනින් මෙම ව්‍යාපෘතීන් නිමකර ජාතික පද්ධතියට 550MW ක ප්‍රමාණයක් එක්කිරීම අරමුණ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *